හෑන්ඩ් එම්බ්‍රොයිඩර් කලාව

             



                අතින් මසන කුමන එම්බ්‍රොයිඩර් කලාවක් වේවා එය හෑන්ඩ් එම්බ්‍රොයිඩර් කලාවකි.එහෙත්, අපට මෙහිදී සුවිශේෂිව හඳුනාගත හැකි, අප බොහෝවිට භාවිතා කරන සරල එම්බ්‍රොයිඩර් කලාව හෑන්ඩ් එම්බ්‍රොයිඩර් නමින් හඳුන්වන්නෙමු.ඉඳිකටු, නූල් වලින් මහන විවිධ මැහුම් ක්‍රම ඇත.එම මැහුම් ක්‍රමවලට භාවිතා කරන මූලීක මැහුම් ක්‍රම ආශ්‍රිතව ගොඩනැගුණු විවිධ විසිතුරු මැහුම් ක්‍රම රැසක්ද ඇත.ඒවා හෑන්ඩ් එම්බ්රෝයිඩර් කොටසට අයත් වේ.ළදරු ඇඳුම් ඇතුළු ළදරුවන්ගේ විවිධ ආයිත්තම නිර්මාණය සඳහා අප නිතරම මෙම කලාව ප්‍රයෝජනයට ගන්නෙමු.ඊට අමතරව ටීපෝ කවර, ඇඳුම්, කොට්ට උර, ලේන්සු, අත්පිස්නා ආදී විවිධ දෑ හැඩකර ගැනීමට මෙය බෙහෙවින්ම ප්‍රයෝජනවත්ය.

                ඔබේ දෑතේ නිර්මාණශීලීත්වය මතින් ජීවය ලබන සොඳුරු හෑන්ඩ් එම්බ්‍රොයිඩර් රටාවන් බොහෝ සුන්දරය.කොට්ට කවර, ළමා ඇඳුම්,කුෂන් කවර,ටීපෝ කවර ආදියට අගනා පෙනුමක් ගෙන දෙන්නට හැකි රටාවන් මෙම කලාවෙන් නිමවා ගත හැකිය.ඒ සඳහා සියල්ලටම පෙර අවශ්‍ය ද්‍රව්‍ය සහ මුලික මැහුම් ක්‍රම උගත යුතුය.








රෙදි






                මේ සඳහා ඕනෙම රෙදි වර්ගයක් භාවිතා කළ හැකිය.නමුත්, තමන් කරන නිර්මාණය අනුව සුදුසු රෙදි වර්ගය තෝරා ගත යුතුය.

උදා:-   ඔබ මසන්නට අදහස් කරන්නේ කොට්ට උරයක් නම් ශීටින්, ග්ලේස්, කපු වැනි රෙදි වර්ගයක් තෝරා ගත යුතුය.කුෂන් කවරයක්‌ නම් හෑන්ඩ්ලූම්, අමු රෙදි, සැටින්, ලිනන් වැනි රෙදි වර්ගයක් තෝරා ගැනීම සුදුසුය.



නූල් වර්ග




                කපු කැරලි නූල් හා සිල්ක් නූල් භාවිතා කරන අතර නූල් පොටවල් 2, 3, 4, 6 වශයෙන් අදාළ නිර්මාණය අනුව තෝරා ගත හැකිය.වැඩි වශයෙන් කපු කැරලි නූල් භාවිතා කරන අතර නිර්මාණයේ අවශ්‍යතාව මත සිල්ක් හෝ මෙටලික් නූල් යොදා ගත යුතුය.



ඉඳිකටු




                රවුම් හිසක් සහිත තියුණු තුඩක් සහිත ඉඳිකටු භාවිතා වේ.භාවිතා කරන නූල් පොට ගණන අනුව ඉඳිකටුවේ ප්‍රමාණය වෙනස්වන අතර 3 - 2 දක්වා ප්‍රමාණවලින් ඇත.

ඉඳිකටු වර්ග
                    - ක්‍රිවල් නීඩ්ල්ස්
                    - ටැපැස්ට්‍රි නීඩ්ල්ස්
                    - චෙනෙලි නීඩ්ල්ස්
                    - ස්ට්‍රෝන් නීඩ්ල්ස්
                    - බීඩින් නීඩ්ල්ස්



 රාමුව




                ලී හෝ ප්ලාස්ටික්වලින් නිපදවූ රාමු වර්ග ඇත.ඒ අතරින් ලී රාමුව වඩාත්' යෝග්‍ය වේ.අඟල් 4, 6, 8, 10, 12, 16, 18 ප්‍රමාණවලින් ලන්කවේදී රාමු මිළදී ගත හැකිය.ඒවා රවුම් හැඩයෙන් සහ ඕවල් හැඩයෙන් ඇත. 








නූල් දුවවීමේ මැස්ම




                ඉඳිකටුව නූල් පොටක් දෙපොටක් දමා අමුණා ගන්න.අංක 01 න් ඉඳිකටුව උඩට ගෙන අංක 02න් නැවත ඉඳිකටුව යටට යවන්න.එලෙසම අංක 03න් ඉඳිකටුව නැවත උඩට ගෙන අංක 04න් යටට යවන්න.මේ අයුරින් දිගටම මහන්න.මෙම මැහුම්වල ප්‍රමාණය එක සමාන වීම වැදගත්වන අතර මැහුම් අතර පරතරයද සමාන විය යුතුය.




දම්වැල් මැස්ම




                මෙම මැස්ම මසා ගැනීම සඳහා ඉඳිකටුව එක් ස්ථානයකින් පිටතට ගෙන නැවත එතැනින්ම ඉඳිකටුව ගසා තරමක් ඉදිරියෙන් සෙන්ටිමීටර් 1/4 ක් පමණ පිටතට ගෙන නූල එයට යටින් දමා ඉඳිකටුව අදින්න.නැවත ඉඳිකටුව, නූල පිටතට පැමිණ ඇති තැනින්ම පළමු ආකාරයටම ගසා එම ආකාරයටම නූල ඉඳිකටුව යටින් සිටින සේ දමා අවශ්‍ය දිගට මසාගෙන යන්න.දම්වැල් මැස්ම අවසාන කරනවිට නූල, ලුපයට පිටතින් සිටින සේ කුඩා මැහුමක් දමා අවසන් කරන්න.




නැටි මැස්ම









                නැටි මැස්ම ලෙස හැඳින්වුවද මෙම මැස්ම නැටි මැසීම සඳහා පමණක් නොව වෙනත් මෝස්‌තර මැසිමටද භාවිතා කළ හැකිය.රේඛා මගින් දැක්වෙන ඕනෑම මෝස්තරයක් අවුට් ලයින් කිරීමට ප්‍රයෝජනයට ගත හැකිය.

අපි දැන් මැස්ම මසන ආකාරය බලමු.

                මෙය වමේ සිට දකුණට මැසිය යුතු මැස්මකි.රෙද්දේ A ස්ථානයෙන් ඉඳිකටුව ඉහලට ගෙන රුපයේ ලෙස නූල ඉඳිකටුවේ පහළට තබා B වලින් ඇතුළට ගසන්න.දැන් C වලින් ඉඳිකටුව නැවතත් උඩට ගන්න.C වලින් මතු කරගත් ඉඳිකටුව D වලින් ඇතුළට ගසා B වලින් උඩට ගන්න.B වලින් මතුකරගත් ඉඳිකටුව E වලින් ඇතුළට ගසා D වලින් උඩට ගන්න.මෙලෙස දිගින් දිගටම මසාගෙන යන්න.




පිරවිලි මැස්ම








                 පිරවිලි මැස්ම සැටින් මැස්ම ලෙසද හඳුන්වයි.ඉතා පැරණි මැස්මක් වන මෙය රූපයක විවිධ කොටස්, මල් පෙති, කොළ ආදිය පිරවීමට භාවිතා කළ හැකිය.මෙම මැස්මට පිරුණු පෙනුමක් ලබා දීමට රූපය වටේ අවුට් ලයින් කර පසුව පුරවා ගන්න.තරමක් ඇලයට මැසීමෙන් අලංකාරයක් ගෙන දෙයි.අවුට් ලයින් කිරීමට අමතරව පිරවීමට ඇති කොටස තුල නූල් දුවවීමෙන් පසුව පුරවා ගැනීමෙන්ද පිරුණු පෙනුමක් ලැබේ.3, 4, 5 සහ 6 රූපවලින් පිරවිලි මැස්ම මසන විවිධ ආකාර ඔබට හඳුනාගත හැකිය.

                මෙහි ඉදිරි පිටුවේ දැක්වෙන්නේ පිරවිලි මැස්මෙන් මල් පෙති හා කොළ පුරවා, නැටි මැස්මෙන් නටු මසාගත් රටාවකි.ඔබටත් මේ මෝස්තරය පහසුවෙන් මසාගත හැකිය.



ලේසි ඩේසි මැස්ම




                මල්, කොළ ආදිය මැසීම සඳහා භාවිතා කරන අලංකාර මැස්මකි.ගසක කොළ වුවද වෙන වෙනම මසගත හැකිය.මෙය හෑන්ඩ් එම්බ්‍රොයිඩර් කලාවේදී මෙන්ම රිබන්, බ්‍රසීලියන් ආදී එම්බ්‍රොයිඩර් කලාවන් සඳහාද භාවිතා කරයි.අපි දැන් මැස්ම මසන ආකාරය බලමු.

                පළමුව ඉඳිකටුවට නූල අමුණ ගන්න.රෙදි කොටස රාමුවට දමා තද කරගන්න.ඉන්පසුව ඉඳිකටුව සහිත නූල A ස්ථානයෙන් උඩට මතුකර ගෙන ලුපයක් සෑදෙන ආකාරයට A අසලින්ම ඇතුලට ගසන්න.නැවත B ස්ථානයෙන් උඩට මතුකර සාදාගත් ලුපය මැදිවන ආකාරයට C ස්ථානයෙන් ඇතුලට ගසන්න.1, 2, 3, 4 රූප දෙස බැලීමෙන් මෙම මැස්ම මසන ආකාරය ඔබට පැහැදිලි වේවි.එලෙස මසාගත් මැස්ම 5 රුපයෙන්' දැක්වෙන අතර ලේසි ඩේසි මැස්මෙන් එවැනි මැහුම් 5ක් දමා මලක් මසන ආකාරය 6 රුපයෙන් ඔබට පැහැදිලි කරදෙයි.




හෙරින්බෝන් මැස්ම




                මල් පෙති, කොළ, විවිධ මෝස්‌තර සහිත හැඩතල ආදිය මැසීමට භාවිතා කළ හැකි අගනා මැස්මකි.වමේ  සිට දකුණට මැසිය යුතු මැස්මකි.සමාන පරතරයකින් මැසූවිට අලංකාරය වැඩිය.මේ සඳහා නූල් පොටවල් දෙකක්, තුනක්, හතරක් ලෙස ඔබට අවශ්‍ය ප්‍රමාණයෙන් භාවිතා කළ හැකිය.මෙම මැස්ම පුරුදු වීම සඳහා රෙදි කොටසේ සමාන්තර රේඛා දෙකක් ඇඳගන්න.සමාන දුරකින් තිත් තබා ගන්න.එම රේඛා දෙක අතර තිත් තැබූ ස්ථාන වලින් මසන්න.

                ඉඳිකටුවට නූල අමුණා ගන්න.රෙදි කොටස රාමුවට දමා තද කරගන්න.දැන් අපි මෙම මැස්ම මසන ආකාරය බලමු.අංක 01 ස්ථානයෙන් ඉඳිකටුව රෙදි කොටසින් උඩට මතුකර ගන්න.අංක 02 ස්ථානයෙන් ඉඳිකටුව සහිත නූල ඇතුලට ගසා අංක 03 ස්ථානයෙන් උඩට මතුකර ගන්න.එය අංක 04 ස්ථානයෙන් නැවත ඇතුලට ගසා අංක 05 ස්ථානයෙන් උඩට ගන්නමේ ආකාරයට උඩට යටට මසාගෙන යන්න.


No comments:

Post a Comment

plz,give me your ideas..