Monday, January 1, 2018

පෙරවදන


පෙරවදන



           


                "ස්වාභිමානී" යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තමාහට අභිමානයක් එක් කරගත හැකි මගක් සකසා ගැනීම සඳහා පිටුබලයක් සපයන්නා වූ තෝතැන්නකි.

           
                සාමානයෙන්,පවුලක පැවැත්ම උදෙසා පවුලේ පිරිමි පාර්ශවය විසින් රැකියාවක නියුතු වෙයි.කාන්තා පාර්ශවය විසින් මුදල් අරපිරිමැස්මෙන් යුතුව භාවිතා කරමින් නිවසේ කුදු මහත් කටයුතු සිදු කරයි.නමුත්,වර්තමානයේ ශ්‍රී ලoකාව තුළ පවතින ආර්ථික අර්බුදයන් තුල පවුලේ පැවැත්ම උදෙසා නිවසේ පිරිමි පාර්ශවයේ  රැකියාවෙන් ලබන මුදල ජීවත්වීමට තරම් ප්‍රමාණවත් නොවේ.තම නිවසේ කටයුතු සිදු කරන අතරතුර කිසියම් ගෘහණියකට;දියණියකට තම පවුලේ ආර්ථිකය සරිකර ගැනීම සඳහා පිටුබලයක් සැපයීමට හැකි නම් එය කෙතරම් අගනේද?


                සොඳුරු නිවසක් නිර්මාණය වන්නේද කාන්තාවගේ සුරතිනි.ඇයට තම නිවහන සුන්දරත්වයෙන් පුරවාලන්නට කළ හැකි දෑ ද අපමණය.අත්කම් නිර්මාණ යනු ඒ සඳහාද ඇති කදිම මගකි.තවත් අතකට එය තමාටද අභිමානයකි.එලෙස නිවසේ සුන්දරත්වය වැඩි කිරීමට නිර්මාණය කරන අත්කම් නිර්මාණ තරමක් පිලිවෙලින් සහ ගුණාත්මක බවකින් යුතුව කළහොත් ඒ ඔස්සේ කාන්තාවට තම පවුලේ පැවැත්ම උදෙසා සාධනීය මට්ටමකින් උරදිය හැකිය.

                කෙසේ හෝ අත්කම් නිර්මාණකරණයට යොමු වීම තුළින් ඔබට ඔබගේ ආර්ථික තත්ත්වය තර කර ගැනීම සඳහා සුවිශේෂි අවස්ථා 02ක් තිබේ.

      01.   තම නිවසේ අලoකාරය උදෙසා බිත්ති සැරසිලි,මල් පෝච්චි,පින්තූර,කුෂන් කවර  ආදී විසිතුරු දෑ වෙළඳපලෙන් මිළදී ගැනීමෙන් වැළකී තමාටම නිර්මාණය කර ගත හැක.ඒ තුළින් නිවසට ලබන මුදල් පිටතට ගලා යන ප්‍රමාණය අවම කර
ගත හැකි වේ.

      02.   තම නිර්මාණශීලීත්වය ඔස්සේ අත්කම් නිර්මාණ සිදු කරමින් ස්වයo රැකියාවක්   ඇරඹිය හැකිය.මේ තුළින් ලබන ආදායමෙන් පවුලේ ආර්ථික තත්ත්වය වැඩි කර ගත හැකිය.


                        ඉහත දක්වා ඇති පරිදි තම නිවසට පැමිනෙන මුදල් අනවශය ලෙස පිටතට ගලා යෑම වළකා නිවස වෙත ගලා එන ආදායම තව තවත් වර්ධනය කර පවුලේ ආර්ථික තත්ත්වය දියුණු කර ගැනීම සඳහා "ස්වාභිමානී" ඔබහට අගනා අත්වැලක් වන බව නිසැකය.

   


          -     අභිමානයෙන්  සිතන්න     -    

        -     අභිමානවත් කාන්තාවක් වන්න     -