රිබන් එම්බ්‍රොයිඩර් කලාව




                වර්ණවත් රිබන් පටි කැබලිවලින් ජීවය ලබන රිබන් එම්බ්‍රොයිඩරි කලාවට කතුන් දක්වන්නේ විශේෂ ඇල්මක්. ඔවුන් එම කලාව හදාරන්න බොහොම උනන්දුයි. මැහුම් කලාවක් හදාරන්නට නම් පළමුව ඒ සඳහා අවශ්‍ය දේවල් දැනගෙන සිටිය යුතුමයි. පළමු පියවර ඒ වෙනුවෙනි.





රෙදි



                රිබන් එම්බ්‍රොයිඩරි නිර්මාණයක් කිරීමට වඩාත් සුදුසුම රෙදි වර්ගය වන්නේ ලිනන් රෙදිය. එහෙත් තමන් කරන නිර්මාණය අනුව රෙදි තෝරා ගන්න පුළුවනි. උදාහරණ ලෙස ඔබ නිර්මාණය කරන්නේ බිත්ති සැරසිල්ලක් නම් ඒ සඳහා සුදුසු වන්නේ සොෆ්ට් ලිනන් රෙදියි. එහෙත් කුෂන් කවරයක් නම් පේපර් ලිනන් හෝ හෑන්ඩ්ලූම් තෝරා ගත හැකිය. කොට්ට උර සඳහා ශීටින් රෙදි ද, ඇඳ ඇතිරිලි සඳහා ශීටින් හෝ හෑන්ඩ්ලූම් රෙදි ද භාවිතා කළ හැකියි. කෙසේ වෙතත් රිබන් කොටස රෙදි කොටස අතරින් හොඳින් පාස් වෙයි නම් එම රෙදි නිර්මාණය සඳහා සුදුසුවේ.



ඉඳිකටු 



මේ සඳහා ටැපැස්ට්‍රි නොම්බර 20 , 21 ඉඳිකටු වඩාත් යෝග්‍ය වේ.



රාමුව 



ලී රාමු වඩාත් සුදුසු වේ.



රිබන් 



                 සැටින් බේබි රිබන් , සැටි මිලිමීටර් 2 පළල රිබන් , සැටින් රිබන් අඟල් 1/2 පළල රිබන් වැඩි වශයෙන් භාවිතාවන අතර ඉහත සඳහන් කළ ප්‍රමාණයන්ගෙන් ඕගන්දී රිබන් ද භාවිත කළ හැකියි.


 එහෙම නම් දැන් අපි මහන්න ඉගෙන ගනිමු නේද?








  • රිබන් මැස්ම (Ribbon stitch)



  • කෙළින් මැස්ම (Straight stitch)



  • ප්‍රංශ ගැට මැස්ම (French knot)  



  • ලේසිඩේසි මැස්ම (Lazy daisy stitch)



  • ගැදර් මැස්ම (Gathering stitch)



  • ඇඹරුණු කෙළින් මැස්ම (Twisted ribbon stitch)



  • ඇඹරුණු රිබන් මැස්ම (Twisted straight)



  • ලූප් මැස්ම (Loop stitch)

                                                                 යනාදිය මුලිකවම අවශ්‍යවේ.



  • අපි දැන් රිබන් එම්බ්‍රොයිඩරි කලාවේ එන මැහුම් ක්‍රම පිළිබඳව අවධානය යොමු කරමු.




රිබන් මැස්ම 


                රිබන් එම්බ්‍රොයිඩරි කලාවට සුවිශේෂී වූ මැස්ම ලෙස අපට රිබන් මැස්ම හඳුනාගත හැකිය. මෙම රිබන් මැස්මද විවිධ ක්‍රමවලට මැසිය හැකිය. ඒවා මධ්‍ය අවස්ථා , වාමාවාර්ත , දක්ෂිණාවර්ත ආදී නම් වලින් හැඳුනුම් ලබයි. අපි පළමුව මධ්‍යස්ථ රිබන් මැස්ම මසන ආකාරය බලමු. එය මූලික රිබන් මැස්ම ද වේ.




  මද්‍යස්ථ රිබන් මැස්ම  


                අඟල් 10ක් 12ක් දිග රිබන් කොටසක් ගෙන ටැපැස්ට්‍රී ඉඳිකටුවට අමුණා ගන්න.රෙදි කොටස රාමුවට දමා තද කරගන්න.දැන් ඉඳිකටුව සහිත රිබන් කොටස් ස්ථානයෙන් උඩට ගෙන රෙද්ද මත රිබන් එක අවශ්‍ය දිගට තබා එනම්,රිබන් එක මතම වූ ස්ථානයෙන් නැවත ඉඳිකටුව යටට ගසන්න.මෙහිදී රිබන් එක තද කර යටට අදින්න එපා.ප්‍රවේශමෙන් රිබන් එක මත කුඩා ලූපයක් සෑදෙන ආකාරයට අදින්න.



  වාමාවර්ථ රිබන් මැස්ම  


               එහිදී ස්ථානයෙන් උඩට ගත් ඉඳිකටුව සහිත රිබන් එක අවශ්‍ය දිගට අතුරා රිබන් පටියේ වම් පැත්තේ ඉහල දාරයට ආසන්නව යටට ගසන්න.එවිට ඉහළින් වම් පැත්තට හැරුණු රිබන් මැස්මක් ලැබෙයි.දෙවැනි රූපය බලන්න.



  දක්ෂිනාවර්ථ රිබන් මැස්ම  


                එහිදී ස්ථානයෙන් උඩට ගත් ඉඳිකටුව සහිත රිබන් එක අවශ්‍ය දිගට අතුරා රිබන් පටියේ ඉහල දකුණු පැත්තේ දාරයට ආසන්නව යටට ගසන්න.එවිට ඉහළින් දකුණු පැත්තට හැරුණු රිබන් මැස්මක් ලැබෙයි03 රූපය බලන්න.



1 comment:

plz,give me your ideas..