බතික් කලාව










                ඉතා පැරණි ඉතිහාසයකට උරුමකම් කියන බතික් නිර්මාණ කලාව ඇරඹී ඇත්තේ ඊජිප්තුවෙනි.මෙය වසර 2000කටත් වඩා පැරණි අතර පර්සියානුවන්ද බතික් නිර්මාණවල නිරත වූ බව සඳහන්ය.ඊට අමතරව 07 වෙනි සියවසේ ජිවත් වූ චීන වැසියන්ද, ඉන්දියානුවන්ද, ජපනුන්ති සහ දකුණු ආසියානු වැසියන්ද බතික් නිර්මාණවල නිරත වූ බවට සාක්ෂි ලැබී ඇත.

                ජාවා දුපත් වැසියන් අතරද මෙම කලාව සොබාදහමට අනුගතව පැවති බවට සාක්ෂි ඇති අතර ඔවුන් මෙම නිර්මාණ කර ඇත්තේ' උසස් පැලැන්තිය සඳහාය.අදටත් ඔවුන් මල්, පලතුරු , මාළු, සමනළයන්, කුරුල්ලන් ආදී රූප යොදමින් මෙම කර්මාන්තයේ රැඳී සිටී.ජාවා බතික් ලෙසින් ප්‍රචලිත වී ඇත්තේද මෙම කලාවමය.

                ශ්‍රී ලංකේය බතික් කලාවටත් දීර්ඝ ඉතිහාසයක් ඇත.දේශීයව සොයාගත් කොළ, මුල්, ගස්වල ගෙඩි, පොතුවලින් සාදාගත් වර්ණ යොදා ගනිමින් ගල් ලෙන්වල ඇඳි චිත්‍ර එයට සාක්ෂි සපයයි.එම වර්ණ යොදාගෙන නූල් වර්ණ ගන්වා රෙදි විවීම කළ බවත් අපි දනිමු.කෙසේවෙතත්, අපේ පැරැන්නන් අතින් සුරැකී අද දක්වා පැවත එන අපේම බතික් කලාවක් ලංකේය අපට උරුමය.එහෙත්, එම කලාව හදාරන පිරිසේ අඩුවක් දැකිය හැකිය.මෙම කලාව සඳහා උපයෝගී කරගන්නා අමුද්‍රව්‍යවල මිළ ඉහල වීම එයට හේතුවක් විය හැකිය.නමුත්, එම කලාවට ආදරය කරන පිරිසක් ද  අප අතර වේ.වෘතීයක් විදිහට ස්වයං රැකියාවක් විදිහට නිරත වුවහොත් ඉහල වෙළඳපොළක් හිමි මෙම කලාව ඔබේ අතමිට සරුකරනු ඇත.බතික් සඳහා හොඳ විදේශීය වෙළඳපොලක්ද ඇත.






බතික් නිර්මාණයේදී සපයාගත යුතු දේවල්


  • භූමිතෙල් ලිපක්

  • ඉටි උණු කර ගැනීමට ඇළුමිනියම් භාජන 02ක්
        (මෙයින් එකක් කට ලොකු භාජනයක් විය යුතුය.අනෙක් භාජනය ඊට වඩා කුඩා විය යුතුය.ලොකු භාජනය වතුර උතුරවා ගැනීමට හා පොඩි භාජනය උණු වතුරට තබා ඉටි උණු කර ගැනීමටය.එනම්, ඩබල් බොයිල් කිරීමටය.)


  • අඟල් 36 * 18 දිග පළල ඇති බුරුල් ලීයෙන් සැදූ ලී රාමුවක්


  • ඉටි තැවරීමට හා මෝස්‌තර යෙදීමට අවශ්‍ය උපකරණ
         (පුනීලය, ටූල් එක නොහොත් ජැන්ටිනය, අඟල් භාගේ පින්සලක් සහ කුඩා  පින්සලක්)


  • ඩ්‍රොවින් පින්ස් පැකට් එකක් හා රබර් ග්ලව්ස් කුට්ටමක්


  • ඩයි වර්ග දිය කර ගැනීමට කුඩා බෝල් 02ක් හා කුඩා ලී හැඳි 02ක්
        (කුඩා පොල් කටු හැඳි වුවත් සුදුසුයි.)


  • ඩයි ප්‍රමාණ මැනගැනීමට තේ හැන්දක්, මේස හැන්දක්
         (ප්ලාස්ටික් හැඳි නම් වඩා සුදුසුය.)


  • රෙදි ඩයි කර ගැනීමට ලොකු බේසම් 03ක්
   (මහා පරිමාණ නිර්මාණකරුවන් සිමෙන්තිවලින් ටැංකි සාදා ඇත.අඩි 2 1/2*3  සහ  ගැඹුර අඟල්  06ක් 12ත් දිග, පළල සහ උස)


  • නිර්මාණය අවසන් වූ පසු ඉටි ඉවත්කර ගැනීමට කට ලොකු භාජනයක්
        (බැරල් භාගයක් හෝ ලොකු සාස්පානක්)


  • පැරෆින් ඉටි, මී ඉටි, දුම්මල කුඩු ස්වල්පයක්
        (පැරෆින් කිලෝග්‍රෑම් 01ක්, මී ඉටි ග්‍රෑම් 100ක් පමණ)





ඩයි වර්ග සහ ඒවාට අවශ්‍ය රසායන ද්‍රව්‍ය



  • vat vhs

හයිඩ්‍රොසල්පේට්, කෝස්ටික් සෝඩා යන රසායනික ද්‍රව්‍ය හා දිය ලුණු ස්වල්පයක්


  • proshen (ප්‍රෝෂන්)  හෙවත්  reactive (රිඇක්ටිව්) ඩයි

එයට අවශ්‍ය රසායන ද්‍රව්‍ය වන්නේ  සෝඩා ඈශ් නමැති කුඩු වර්ගය හා දිය ලුණු


  • napthol (නැප්තෝල්) ඩයි

එයට අවශ්‍ය රසායන ද්‍රව්‍ය වන්නේ වයින් ස්ප්‍රිට්, කෝස්ටික් සෝඩා හා දිය ලුණු


  • රෙදි තම්බා ගැනීමේදී කීනෝ (keeno) නමැති සබන් දියරය ඉතා අවශය දියරයකි.




එම ද්‍රව්‍ය මෙලෙස චායාරුප මගින් හඳුනාගනිමු..











































1 comment:

plz,give me your ideas..